Posts

අපි ඉදිරියට යන්නේ කෙසේද?

අපි ඉදිරියට යන්නේ කෙසේද? අප රට පත්ව ඇති තත්ත්වය අවංක ව කල්පනා කර බැලුවොත් ශෝචනීයයි. අද මිනිසෙකු ජිවත් වීමට කරන අරගලය ඉමහත්. අප අතර සිටින බොහෝ දෙනෙක් උගතුන් වුවත් ජිවන අරගලයේ අඩුවක් නම් නැහැ. අපි මෙයින් ගොඩ යන්නේ කෙසේද? පළමුව ම තේරුම් ගත යුතුයි, අපට උද්ගත ව ඇති තත්ත්වය කුමක් නිසා සිදු වී ඇති දෙයක් ද කියා. එවිටයි එයට පිළියම් යෙදිය හැකි වන්නේ. අප දුප්පත් වීමට හේතුව කුමක්ද? අප දුප්පත් වීමට හේතුව අදායම් අඩු වීමත්, වියදම් වැඩි වීමත් වුවත්, පළමුව අප යමක් මෙහි අමතක කර තිබෙනවා. අදායම ලැබෙන්නේ අප කරන රැකියාවකින් නම් එය වැඩි කර ගැනීමට මිට වැඩ කල හැකි යමක් තිබෙනවද? බොහෝ විට තිබිය හැකියි. උදහරහණයක් ලෙස ඉහල උපාධියක් වැනි යමක් කිරීමෙන් මීට වැඩ පොඩි මුදලක් වැඩි කර ගත හැකියි. නමුත් එය ඔබට ප්‍රමාණවත් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සංශේපයෙන් ගතහොත් පැවසිය හැක්කේ ආයෝජන (investments) නොමැති කමත්, වියදම් කරන අයුරු පිලිබඳ රටක් විදිහටත් පුද්ගලයෙක් විදිහටත් අවබෝධයක් නොමැති කම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. ඔබ රටෙන් පිට ලෝකය බැලුවොත් එහි ඇත්තේ මහත් වූ පෙරලියක්. ජිවන අරගලයක්. උදාහරණයක් ලෙස බොහෝ රටවල රැකියාවේ...

Gradient Descent කතාව

Image
 Gradient Descent කතාව මෙච්චර දවස් කල්පනා කළා මොකක්ද මේ අදින gradient එක දෛශිකයක් (vector) විදියට. මේකයි තේරුනු දෙය. Photo credit: Wikipedia ( https://en.wikipedia.org/wiki/Gradient#/media/File:3d-gradient-cos.svg )

සතුට විනෝදය ලබා ගැනීමේ විද්‍යාව

Image
 ඔබේ ජීවිතයේ අරමුණ කුමක් ද? ඔබ ජීවත් වන්නේ සතුටින් ද? ඔබ ගත වන හැම තත්ත්පරයකම විනෝදයෙන් කාර්යයන්හි නිරත වනවා ද? නොඑසේ නම්, විදවනවාද? ඔබට ජීවිතය සාර්ථක කර ගන්නට අවශ්‍ය ද? එසේ නම්, ඔබටයි මා මේ අමතන්නේ... මෙම ලිපිය පදනම් වන්නේ coursera.org නමැති නොමිලේ අන්තර්ජාලයෙන් උගත ගත හැකි MOOC වෙබ්අ ඩවියේ ඇති, The Science of Wellbeing -- "යහපැවැත්මේ විද්‍යාව" -- නමැති පාඨමාලාව පදනම් කර ගෙනයි. එය Yale විශ්ව විද්‍යාලයේ Prof. Laurie Santos ඉදිරිපත් කරන අතර බොහෝ වෙනත් කරුණු ද පදනම් වනවා. එය නොමිලේ ඉගෙන ගැනීමට මම ඔබට යෝජනා කරනවා. එහි ඇත්තේ සතුටු වන්නේ කෙසේද යන්නයි. පහත විද්‍යාත්මක කරුණු වල මූලාශ්‍ර මෙම පාඪමාලාවේ අන්තර්ගතයි.  URL:  https://www.coursera.org/learn/the-science-of-well-being 1. ඔබ සිතන්නේ කුමක් ලැබීමෙන් ඔබට සතුට ලැබෙන්නේ කුමක් ලැබීමෙන් කියා ද? ඔබට සතුටු වීමට හැකි හේතුව ඔබ සොයනා හිමිකාරිය, සැබෑ ආදරවන්තිය ලැබීම ද? ඔබ විභාග ඉහලින් සමත් වී ඉංජිනේරුවෙකු, දොස්තර කෙනෙකු, කථිකාචාර්ය වරයෙකු, ගණකාධිකාරිවරයෙකු, ව්‍යාපාර අයිතිකරුවෙකු, නීතිඥයෙකු, ගුරුවරයෙකු, … ආදී ඔබේ සිහින වෘත්තිය ලබා ගැනීම...