අපි ඉදිරියට යන්නේ කෙසේද?
අපි ඉදිරියට යන්නේ කෙසේද?
අප රට පත්ව ඇති තත්ත්වය අවංක ව කල්පනා කර බැලුවොත් ශෝචනීයයි. අද මිනිසෙකු ජිවත් වීමට කරන අරගලය ඉමහත්. අප අතර සිටින බොහෝ දෙනෙක් උගතුන් වුවත් ජිවන අරගලයේ අඩුවක් නම් නැහැ. අපි මෙයින් ගොඩ යන්නේ කෙසේද?
පළමුව ම තේරුම් ගත යුතුයි, අපට උද්ගත ව ඇති තත්ත්වය කුමක් නිසා සිදු වී ඇති දෙයක් ද කියා. එවිටයි එයට පිළියම් යෙදිය හැකි වන්නේ.
අප දුප්පත් වීමට හේතුව කුමක්ද?
අප දුප්පත් වීමට හේතුව අදායම් අඩු වීමත්, වියදම් වැඩි වීමත් වුවත්, පළමුව අප යමක් මෙහි අමතක කර තිබෙනවා. අදායම ලැබෙන්නේ අප කරන රැකියාවකින් නම් එය වැඩි කර ගැනීමට මිට වැඩ කල හැකි යමක් තිබෙනවද? බොහෝ විට තිබිය හැකියි. උදහරහණයක් ලෙස ඉහල උපාධියක් වැනි යමක් කිරීමෙන් මීට වැඩ පොඩි මුදලක් වැඩි කර ගත හැකියි. නමුත් එය ඔබට ප්‍රමාණවත් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා.
සංශේපයෙන් ගතහොත් පැවසිය හැක්කේ ආයෝජන (investments) නොමැති කමත්, වියදම් කරන අයුරු පිලිබඳ රටක් විදිහටත් පුද්ගලයෙක් විදිහටත් අවබෝධයක් නොමැති කම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි.
ඔබ රටෙන් පිට ලෝකය බැලුවොත් එහි ඇත්තේ මහත් වූ පෙරලියක්. ජිවන අරගලයක්. උදාහරණයක් ලෙස බොහෝ රටවල රැකියාවේ ස්ථිර බව යනු හීනයක් පමණයි. එහෙත් ඔවුන් මෙවැනි පරිසරයක කුඩා කල සිට හැදෙන නිසා එහි ජිවත් වන අයුරු ගැන අවබෝධයක් ඇති බව පෙනෙනවා. සියල්ල රජයට පවරන්නේ නැතුව ඔබ විසින් ජිවිතයේ වගකීම අතට ගත යුතුව තිබෙනවා.
ආයෝජන කරන්නේ කෙසේද?
Startup Company එකක් පටන් ගැනීම
- ඔබගේම කුඩා ව්‍යාපාරයක්, අලුත් අදහසක් සමග පටන් ගන්නට උත්සහ කරන්න. මෙයට අපි ව්‍යවසායකත්වය කියාත් පවසනවා. පිට රට ඇති කුණු ගොඩක් ලංකාවට ගෙනවිත් විකුනන්න නම් ලෑස්ති වන්න එපා. එය අප රටටත්, ඔබේ බුද්ධියටත් කරන උපහාසයක් - අපහාසයක්.
වසරකට අප විශ්ව විද්‍යාල වලින් දහස් ගණනින් ඉංජිනේරුවන් එලියට දමනවා. නමුත් බොහෝ අය සොයන්නේ රැකියාවක් මිසක් නව අදහසක් ආශ්‍රිතව අලුත් ව්‍යාපාරයක් දමන්නට නම් නොවෙයි. මෙය වෙනස් විය යුතුයි. මා දන්නා පරිගණක ඉංජිනේරුවකු වන යහළුවෙකු ඔහුගේ ව්‍යාපාරයේ රැකියා කරන බව සිය පෙම්වතියගේ නිවසට පැවසුවා - මක්නිසාද යත් ව්‍යාපාරයක් හිමි බව කිවොත් ව්‍යාපාරයක අස්ථාවර බව නිසා ඔවුන්ගේ දියණිය විවාහයට අකමැති වේ යයි කියා. මෙවන් සමාජයීය පසුබිමක කෙසේද රටක් වශයෙන් අප ඉදිරියට යන්නේ?
එනිසා අප මෙහිදී බුද්ධිමත්ව මෙන්ම අධිෂ්ඨානයකින් ඉදිරියට යා යුතුයි හමුවන ඕනෑම බාධාවක් ඉදිරියේ නොසැලී තම අරමුණු ඉටු කර ගන්න බවට.
- ක්ෂණිකව දක්ෂතා පහල වන්නේ නෑ, එනිසා කාලයක් තිස්සේ පොඩියට තම ව්‍යාපාරය පටන් ගන්න. අදම පටන් ගන්න. එය සමහරවිට කොලයක් අරගෙන සැලසුමක් හෝ නිමනයක මුලික අදහස ඇඳීමක් වන්නට පුළුවන්. අවශ්‍ය උපකරණයක් සදන්නට කරන උත්සහයක් වන්නට පුළුවන්. ඇත අරින්න එපා, අදම පටන් ගන්න. කල් දමන්න එපා!
මුදල් ඉතුරු කරන්නේ කෙසේද?
ඔබ මේ පිස්සු රේස් එකට බැඳලා තබන්නේ ඔබගේ වියදම් බොහෝ තරබාරු වියදම් නිසා. ඔබට අවංකව ම මීට අඩු වියදමකින් ජිවත් විය හැකියි. ඔබ තරග කරන්න කරන්න ඔබගේ හීන ව්‍යාපාරය ඉදිරියෙන් අනන්තයට ඔබගේ ග්රහණයෙන් මිදී යනවා. එවිට ඔබ තවදුරටත් හිර කාරයෙක් මේ rat race එකේ. එනිසා කුඩා මුදලක් හෝ ව්‍යාපාරය වෙනුවෙන් ඉතිරි කරන්න, ගන්න බැරි account එකකටවත් දාලා. පඩිය හම්බ උන ගමන්ම මේ ඉතිරිය කරන්න.
අදහස් පමණක් මදි! ඒවා ඇත්ත කර ගන්නට සල්ලි වලින් ආයෝජනයක් කළ යුතුයි කුඩා වුවත්. හිඟන්නෙකුට මේවා කළ නොහැකි තරම් අපහසුයි. එනිසා පිස්සු වියදම් කපා දමා ඉතුරු කරන්න.
ඉගෙන ගන්න අවශ්‍ය දේවල්!
ඔබ අලුත් දෙයක් කරන්නට ඉගෙන ගත යුතුයි. ඔබ දක්ෂ වුවත් නොවුවත් ඔබ ඉගෙන ගෙන යමක් කල හැකි කෙනෙක්. එනිසා පටන් ගන්න. දක්ෂ අදක්ෂ කතා හිතළු පමණයි. වසර 11-13ක් තිස්සේ සාම්ප්‍රදායික පන්තියක මුල්ලක හිර වෙලා ගෙවපු ජිවිතේ අමතක කරලා අලුත් මිනිහෙක් වෙන්න බලන්න. අලුත් ගැහැනියක් වන්න බලන්න. කිසිම කෙනෙකුට නුඹේ අනාගතය වචනයකින් තීරණය කරන්න දෙන්න එපා! උඹ මේ ලෝකෙට ඇවිල්ල තින්නේ කාගෙන්වත් කතා අහලා නිවට නියලුවෙක් වෙන්න නෙමෙයි. ගරු කරපන් අදාල අයට, නමුත් ඕනෑම කෙනෙක්ට අයිතියක් නෑ පොඩි කොල්ලෙක් කෙල්ලෙක් ඉස්සරහ කතා කියල හිත වට්ටවන්න. නමුත් ඒක වෙනවා. එනිසා නැගී හිටපන් නුඹේ අනාගතය වෙනුවෙන්. එකෙක්වත් දන්නේ නෑ උබ අපු ගමන! නොනැවතී අධිෂ්ඨානයෙන් අභීතව අරමුණ කරා පලයන්!
හොඳ දේවල් කරපන්
බුද්ධාගමේ පින් කුසල් කියනවා වෙන ආගම වල වෙන නමින් කියනවා හදවතින් අහල බැලුවොත් සතුටක් දැනෙන හොඳ දේවල් තිනවා - අන්න ඒ හොඳ දේවල් කරපන්. ඕන මිනිහෙක්ට හොඳ මිනිහෙක් වෙන්න පුළුවන්. ඒ වගේම ජිවිතේ දිනන්නත් පුළුවන්
Comments
Post a Comment