සතුට විනෝදය ලබා ගැනීමේ විද්‍යාව
ඔබේ ජීවිතයේ අරමුණ කුමක් ද? ඔබ ජීවත් වන්නේ සතුටින් ද? ඔබ ගත වන හැම තත්ත්පරයකම විනෝදයෙන් කාර්යයන්හි නිරත වනවා ද? නොඑසේ නම්, විදවනවාද? ඔබට ජීවිතය සාර්ථක කර ගන්නට අවශ්‍ය ද? එසේ නම්, ඔබටයි මා මේ අමතන්නේ...
මෙම ලිපිය පදනම් වන්නේ coursera.org නමැති නොමිලේ අන්තර්ජාලයෙන් උගත ගත හැකි MOOC වෙබ්අ ඩවියේ ඇති, The Science of Wellbeing -- "යහපැවැත්මේ විද්‍යාව" -- නමැති පාඨමාලාව පදනම් කර ගෙනයි. එය Yale විශ්ව විද්‍යාලයේ Prof. Laurie Santos ඉදිරිපත් කරන අතර බොහෝ වෙනත් කරුණු ද පදනම් වනවා. එය නොමිලේ ඉගෙන ගැනීමට මම ඔබට යෝජනා කරනවා. එහි ඇත්තේ සතුටු වන්නේ කෙසේද යන්නයි. පහත විද්‍යාත්මක කරුණු වල මූලාශ්‍ර මෙම පාඪමාලාවේ අන්තර්ගතයි.
URL: https://www.coursera.org/learn/the-science-of-well-being
1. ඔබ සිතන්නේ කුමක් ලැබීමෙන් ඔබට සතුට ලැබෙන්නේ කුමක් ලැබීමෙන් කියා ද?
ඔබට සතුටු වීමට හැකි හේතුව ඔබ සොයනා හිමිකාරිය, සැබෑ ආදරවන්තිය ලැබීම ද?
ඔබ විභාග ඉහලින් සමත් වී ඉංජිනේරුවෙකු, දොස්තර කෙනෙකු, කථිකාචාර්ය වරයෙකු, ගණකාධිකාරිවරයෙකු, ව්‍යාපාර අයිතිකරුවෙකු, නීතිඥයෙකු, ගුරුවරයෙකු, … ආදී ඔබේ සිහින වෘත්තිය ලබා ගැනීමෙන් ඔබට සතුටේ විනෝදයේ හිමි කරු විය හැකි ද?
අධික තරබාරුවෙන් හෝ සිහින් සිරුරෙන් මිදුනු දා ඔබ සතුට සැනසීම ලබන්නේ ද?
ඉහල පන්ති සාමාර්ථයකින් විශ්ව විද්‍යාලයේ දක්ෂ උපාධිදරයෙකු වීමෙන් ඔබ සතුටේ හිමිකරු වේ ද?
පීඩා විදිනා රෝගය සුවපත් වී නිරෝගී බව ලැබීමෙන් ඔබ සතුටේ සදා හිමිකරු වන්නේ ද? එතෙක් ඔබට සතුටු විය නොහැකි ද?
විශාල ධනවතෙකු වීමෙන් සතුටට පත් ව දිවි ගෙවිය හැකි ද? ආර්ථික පීඩා විදින ඔබට කිසි දා ඒවා විසදන තෙක් සතුටට පත් විය නොහැකි ද?
ඒ කුමක්ද - ඔබ සතුටට පත් වේ යයි සිතනා දෙය?
මොහොතකට සිතන්න ඔබට එය හෝ ඒවා ලැබුනා කියා. වාසනාවට හෝ අවාසනාවට, කියන්නට ඇත්තේ විද්‍යාත්මක ව කළ පර්යේෂණ වලින් සොයා ගෙන ඇත්තේ එවන් භෞතික දේ කෙටි කාලයකට ඔබ සතුටට පත් කළ ද, hedonic adaptation -- හෙඩොනික් අනුවර්තනය ලෙස හදුන්වන ක්‍රියාවලියට ලක් ව ඔබට සතුට ටික දිනකින් නොදැනී යන බවයි.
2. හිඩොනික් අනුවර්තනය - Hedonic Effect
3. සතුටු විය හැකි ක්‍රම
1. කෘතඥතාවය - Gratitude - ස්තුතිවන්ත ව සිතීම
Gratitude Journal/Diary එකක් යනු කුමක්ද?
2. තෙවැන්නෙකුගේ ඇසින් ඔබගේ තත්ත්වය දෙස දකින්න. රස විඳින්න. Savoring
3. සල්ලි වලින් සතුටට පත් වීම -- නෑ නෑ! ඔබට නොව, වෙනත් කෙනෙකුට වියදම් කිරීමෙන් (How money makes you happy? Spend it on someone else's happiness/something good for someone)
4. කරුණාවන්ත ක්‍රියාවක නිරත වීම - An Act of Kindness
5. සමාජ සම්බන්ධතා වැඩි කර ගන්න. - Make a Social Connection
6. ව්‍යායාම කිරීම/Exercising
කය වෙහෙසා කරන ව්‍යායාම ඔබ ජීවිතයේ වැදගත් ම දෙය කර ගන්න. දවස පටන් ගන්න උදේ පහට වත්. පැයක් ව්‍යායාමයේ නිරත වන්න. පිරිසිදු වී කටයුතු අරඹන්න. අඩුම තරමින් හවසට treadmill එකකවත් පැයක්වත් දුවන්න. කුඩා බර (5kg-10kg) වත් ඔසවන්න. Medical Ball එකක්වත් ඔසවන්න. පැය භාගයකට වරක් වත් පඩිපෙළක ඉහළට නගින්න විනාඩි තුනක්වත්. සවසට ගෙදර අයත් සමග ක්‍රීඩාපිටියකට ගොස් දුවන්න. පාපන්දු football ක්‍රීඩාවේ යෙදෙන්න. කය වෙහෙසන දෑ කරන්න. ගෙදර වගා කරන්න. බර අදින්න. උදෑසනට ක්‍රීඩාපිටියකට වී දුවන්න. අප අද ජීවත් වන්නේ කෘත්‍රිම ජීවිතයක. එනිසා, කෘෂිකාර්මික කටයුතු වලම නිරත වීම ප්‍රායෝගික නොවේ. එනිසා, කෘත්‍රිම සේ හැගුනත්, ව්‍යායාම වලවත් නිරත වන්න. අවසානයේ ඔබ වසර අසූවක් සියයක් ගෙන යන්නේ ඔබේ කය සහ සිත යි. එය පරිස්සම් කර ගන්න. ව්‍යායාම වර නිරත වන විට හෝමෝන වර්ග ශ්‍රාවය වීම යහපත් අතට පත් වී, ඔබ වඩා සතුටු කෙනෙකු බවට පත් වේවි.
7. නින්ද - පැය අටක නින්ද/8 hour Sleep
ඔබ ක්‍රීඩා කරන්නේ නම් අඩුම තරමින් රාත්‍රී 10 පමණ වන විටවත් නින්දට යා හැකියි. නිදි දෙව් දුව ඔබ කරා ඉක්මනින් පැමිනේවි ඔබ කායිකව දිනය තුළ වෙහෙස වී ඇත්නම්, හිරු එළියේ කටයුතු කර ඇත්නම් පැයක්වත්. දුරකථනය රාත්‍රී 9න් පසු ක්‍රියා විරහිත කර නින්දට යන්න. පැය 8ක නින්දක් ඔබට අවශ්‍යයි. කෙනෙකුට පවසන්න පුලුවන් රාජකාරි සමග එය අපහසු බව. නමුත්, මෙම ලිපියේ, ඉහත කී පාඨමාලාවේ, සහ විද්‍යාත්මකව පැවසෙන ආකාරයට, භෞතික සාර්ථකත්වය ඔබට සතුට ගෙන නොඑන බව තේරුම් ගන්න.
8. ඔබ නොසිටියා නම්, කුමක් වන්නේ දැයි සිතීම - Negative Visualization
මෙම සංකල්පය පදනම් වී ඇත්තේ 1946දී නිකුත් වූ It's a Wonderful Life නම් වූ සිනමා කෘතිය ආශ්‍රිතවයි. ඔබ නොසිටියා නම් කුමක් වේ ද? මොහොතකට සිතා බලන්න. ඔබ නොසිටියා නම් ඔබෙන් උගෙන අද ඉංජිනේරුවන් වූ දරුවන් ඇතැම් විට අද මහ මගක වන්නට පුලුවන්. ඔබ නොසිටියා නම් බොහෝ යහපත් දෑ ලොවට නැති වන්නට තිබුනා, නරක දේ කිහිපයකුත්, හොද දේ බොහෝමයකුත්. සිතා බලන්න ඔබ කළ යහපත් දෑ කවර අයුරකින් සමාජය, ලෝකය ඔබ නොදැනුවත්වමම යහපත් අයුරින් දායක වූවා දැයි කියා. ඉද හිට නරක කිහිපයක් ඇති. නමුත් ඔබ සතුටු වන්න ඔබ කළ යහපතට. එය තවත් යහපත් දෑ කිරීමට ජවයක් කර ගන්න.
9. අද ඔබගේ අවසන් දිනය යයි කීවොත්, මේ මොහොතේ ජීවත් වන්නට ඉගෙන ගන්න. සිහිය දියුණු කර ගන්න.
බොහෝ දුකට හේතුව අතීතයේ හෝ අනාගතයේ ජීවත් වීමයි. ඒ මතකයන් සමග හෝ අනාගතයට මුහුණ දීමේ ගැටලු ගැන සිතීමයි. එයින් අත් මිදී, සිහිය දියුණු කරන්නට ඉගෙන ගන්න. ඇවිදින විට ඇවිදින බවත්, දත් මදින විට දත් මදින අයුරුත්, කෑම කන විට පළතුරු කැබැල්ලක රසයේ සිට, තේ උගුරක රසයේ සිට, කුඩා බත් අහුරක රසයේ සිට සිහියෙන් විදිමින් මේ මොහොතේ ජීවත් වන්න.
10. භාවනාව/Meditation
Love Kindness Meditation/මෛත්‍රී භාවනාව, Breathing exercises/හුස්ම ගැනීම ගැන අවධානය, ඉරියව් ගැන අවධානය වැනි භාවනා ක්‍රම හුරු කරන්න. සියලු ආගම් වල සදහන් වනවා මෙන්ම, නවීන යැයි සලකන විද්‍යාවේ ද භාවනාව මගින් මානසික සෞඛ්‍ය දියුණු වන බව සොයා ගෙන තිබෙනවා. භාවනාව දිනකට පැය භාගයක් පමණ කිරීමෙන් ජීවිතය සතුටෙන් පුරවා ගත හැකියි.
11. තමා මෙලොවට ආ කරුණ/"Your Calling" කුමක්දැයි සොයා ගන්න. එයට අදාල රැකියාව කරන්න.
එයට ඉංග්‍රීසි භාෂාවෙන් අදහස පමණක් ඉදිරිපත් කළ හැකියි. සිංහල වචනය සොයා ගැනීම අසීරුයි. Calling එක කුමක්දැයි සොයා ගන්න. ඔබගේ දක්ෂතා බොහෝ ඇත. ඔබ මිහි මතට එවූයේ යම් කාර්යයක් කරන්නට නම්, එය සොයා ගන්න. දක්ෂතා අතුරින්, ඔබ වඩාත්ම දක්ෂ දේවල් වලට අදාල වන, ඔබ ආශා කරන රැකියාවක් කරන්න. සතුටින් ජීවත් වන්න.
12. Growth Mindset (Not Fixed Mindset) - වැඩෙන කෙනෙකු බව සිතීම
වැඩෙන කෙනෙකු බව සිතීම, එනම්, සහජයෙන් ගෙන ආ දක්ෂතා පමණකින්ම විශිෂ්ටයෙකු නොවන බවත්, දක්ෂතා දියුණු කර ගත යුතු බවත්, නව දක්ෂතා මතු කර ගත හැකි බවත් සිතන අය එසේ නොවන අයට වඩා සතුටින් සිටින බව පර්යේෂණ වලින් සොයාගෙන තිබෙනවා. මෙයට growth mindset යනුවෙන් පවසනවා.
13. කාලය ධනය /Time Affluence / තමා ආසා දේ කරමින් ජීවත් වීමට කාලය ඇති කෙනෙකු වීම/ මුදලට ඕනාම දෙයක් කරනා කෙනෙකුගෙන් මිදීම
Time Affluence යන වදනට අරුතක් සොයනවාට වඩා අදහස මෙසේ දැක්වීම යෝග්‍ය ය.
ඇතැමුන් මුදලට ඕනාම දෙයක් කිරීමට ලෑස්ති ය. එවිට අප ජීවිතයේ ආශා කරන දේවල් කිරීමට කාලය නැති වේ. ආශා දේ කිරීමට නම්, ඒ සදහා කාලය වෙන් කරද්දී මුදල් මූලික කරගෙන කරන දෑ අත හැරීමට සිදු වේ. විද්‍යාත්මක ව සොයාගෙන ඇත්තේ, ආශා කරන දේවල් - රොබෝවෙකු ආශ්රිත startup එකක් දමන්නට රූපසටහන් අදින්නට නම් ඔබ ආශා - මා මෙන්, එයට කාලය දීමට හැකි, මනසින් ඇති තරම් කාලය දෙන්නට පුලුවන් කෙනෙකු වීම මෙසේ time affluence ලෙස හදුන්වන්නට පුලුවන්. ආශා දේ නොකර වසර ගණන් කල් දමන්නට එපා. අදම පටන් ගන්න. වඩා වැදගත් දෙය, එය කළ හැකි බැව් සිතන mentality සිතුවිලි දාමයක හිමිකරුවකු වීමයි.
14. අරමුණු සැකසීම / Goal Setting
WOOP නම් ක්‍රමයක් තිබෙනවා ඔබ බලාපොරොත්තු වන දේවල් ඉටු කර ගැනීමට ඉවහල් වන. ඉස්සර අප අසා තිබෙනවා Positive Thinking ධනාත්මක චින්තනය වශයෙන් දෙයක්. බොහෝ අයට එය සාර්ථක වන්නේ නෑ. WOOP ක්‍රමය තුළ ධනාත්මක දේ මෙන්ම, අභියෝගය කුමක්ද යන්න සිතීමත් අදාලයි. මෙය ක්‍රම දෙකකට භාවිතා කළ හැකියි. පළමුව යමක් ලබා ගැනීමටයි. දෙවැනුව, යම් දෙයක් අපට අවශ්‍ය යයි හැගුන පමණින් ම එය අවශ්‍යම දෙයම දැයි සොයා ගැනීමට මිතුරු දෙයක් ලෙස භාවිතා කළ හැකියි.
W- Wish ආශාව කුමක්දැයි ඔබ දැන ගැනීම. කුමක් ලැබීමෙන් මා සැබැවින්ම තෘප්තිමත් වේ විදැයි ඔබ ඔබෙන්ම අසන්න, නිරතුරුවම. ඒ දේ පැහැදිලි නම්, එයයි ඔබ යා යුතු අරමුණ. සමහරක් දෑ එසේ නොවේ. ඒවා ඉවත් කර දමන්න.
O- Outcome - ඉහත ලස්සන, වටිනා හීනය හැබෑ කර ගත් විට, ඔබ මනසින් දකින්න, කුමන සුන්දර තත්ත්වයක් නිර්මාණය වේවිදැයි කියා. (ධනාත්මක චින්තකයන් ගැන ඔබ දන්නා දේවල් අධ්‍යයනය කරද්දී මේ අදහස ලැබේවි). ඔබගේ සිහිනය සැබෑ කර ගැනීමට කළ යුතු දේත්, එය කරන අයුරුත් සිතින් දකින්න. එය ඔබට සිහිනය, වටිනා දෙය, තත්ත්වය කරා යාමට අවශ්‍ය ශක්තිය ලබා දේවි.
O - Obstacle - එම වටිනා තත්ත්වය ඇති කර ගැනීමට ඇති බාධාව කුමක්දැයි සොයන්න. කිසි විටෙකත් මෙය outcome එකට පළමුව කරන්න එපා. එවිට ඔබ ඉදිරියට නොයාවි. එසේම, ධනාත්මක පැත්ත පමණක් සිතීමෙන් හුදු සිහින දකින්නෙකු පමණක් වන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. එනිසා දෙපැත්තම දැකිය යුතුයි, එනම්, සුන්දර තත්ත්වය ලගා කර ගැන්මට කළ යුතු දේ වගේම, එයට ඇති අභියෝගාත්මක දෙය. උදාහරණයක් ලෙස, අභියෝගය කාලය මදි වීම, උදාසීන බව, වෙහෙස, දැනුම නැති කම, මුදල් නැති කම වන්නට පුලුවන්.
P - Path - ඉහත උත්කෘෂ්ඨ දෙය ලබා ගැනීමට ඇති අභියෝග මේ වන විට ඔබ දන්නවා තෙවැනි පියවරෙන්. සිව් වන පියවර වන්නේ, එම බාධක පැමිනෙද්දී ඉන් ඉදිරියට යන්නේ කෙසේද යන්නට සැලැස්මක්, නීති මාලාවක්, තමා තමාට උපදෙස් මාලාවක්, ප්‍රතිපත්ති මාලාවක්/policy තැනීමයි. සරලව කියනවා නම්, if ... then, statements ටිකක් ලිවීමයි. උදාහරණ ලෙස, ආශාව පොතක් ලිවීම නම්, if(කම්මැලි සිතීම): then -> ව්‍යායාම කිරීම දැක්විය හැකියි. එය ඔබට අනන්‍ය දෙයක්.
Resource on WOOP: https://woopmylife.org/en/home
This is a great article... 😊
ReplyDeleteAwesome Article !!!
ReplyDeleteGreat advice for a happy life!!!
ReplyDeleteThank you for this great article sir... :)
ReplyDelete