අපි ඉදිරියට යන්නේ කෙසේද?
අපි ඉදිරියට යන්නේ කෙසේද? අප රට පත්ව ඇති තත්ත්වය අවංක ව කල්පනා කර බැලුවොත් ශෝචනීයයි. අද මිනිසෙකු ජිවත් වීමට කරන අරගලය ඉමහත්. අප අතර සිටින බොහෝ දෙනෙක් උගතුන් වුවත් ජිවන අරගලයේ අඩුවක් නම් නැහැ. අපි මෙයින් ගොඩ යන්නේ කෙසේද? පළමුව ම තේරුම් ගත යුතුයි, අපට උද්ගත ව ඇති තත්ත්වය කුමක් නිසා සිදු වී ඇති දෙයක් ද කියා. එවිටයි එයට පිළියම් යෙදිය හැකි වන්නේ. අප දුප්පත් වීමට හේතුව කුමක්ද? අප දුප්පත් වීමට හේතුව අදායම් අඩු වීමත්, වියදම් වැඩි වීමත් වුවත්, පළමුව අප යමක් මෙහි අමතක කර තිබෙනවා. අදායම ලැබෙන්නේ අප කරන රැකියාවකින් නම් එය වැඩි කර ගැනීමට මිට වැඩ කල හැකි යමක් තිබෙනවද? බොහෝ විට තිබිය හැකියි. උදහරහණයක් ලෙස ඉහල උපාධියක් වැනි යමක් කිරීමෙන් මීට වැඩ පොඩි මුදලක් වැඩි කර ගත හැකියි. නමුත් එය ඔබට ප්‍රමාණවත් නොවන්නට බොහෝ දුරට ඉඩ තිබෙනවා. සංශේපයෙන් ගතහොත් පැවසිය හැක්කේ ආයෝජන (investments) නොමැති කමත්, වියදම් කරන අයුරු පිලිබඳ රටක් විදිහටත් පුද්ගලයෙක් විදිහටත් අවබෝධයක් නොමැති කම නිසා මෙම තත්ත්වය උද්ගත වී ඇති බවයි. ඔබ රටෙන් පිට ලෝකය බැලුවොත් එහි ඇත්තේ මහත් වූ පෙරලියක්. ජිවන අරගලයක්. උදාහරණයක් ලෙස බොහෝ රටවල රැකියාවේ...