Posts

Showing posts from October, 2020

සතුට විනෝදය ලබා ගැනීමේ විද්‍යාව

Image
 ඔබේ ජීවිතයේ අරමුණ කුමක් ද? ඔබ ජීවත් වන්නේ සතුටින් ද? ඔබ ගත වන හැම තත්ත්පරයකම විනෝදයෙන් කාර්යයන්හි නිරත වනවා ද? නොඑසේ නම්, විදවනවාද? ඔබට ජීවිතය සාර්ථක කර ගන්නට අවශ්‍ය ද? එසේ නම්, ඔබටයි මා මේ අමතන්නේ... මෙම ලිපිය පදනම් වන්නේ coursera.org නමැති නොමිලේ අන්තර්ජාලයෙන් උගත ගත හැකි MOOC වෙබ්අ ඩවියේ ඇති, The Science of Wellbeing -- "යහපැවැත්මේ විද්‍යාව" -- නමැති පාඨමාලාව පදනම් කර ගෙනයි. එය Yale විශ්ව විද්‍යාලයේ Prof. Laurie Santos ඉදිරිපත් කරන අතර බොහෝ වෙනත් කරුණු ද පදනම් වනවා. එය නොමිලේ ඉගෙන ගැනීමට මම ඔබට යෝජනා කරනවා. එහි ඇත්තේ සතුටු වන්නේ කෙසේද යන්නයි. පහත විද්‍යාත්මක කරුණු වල මූලාශ්‍ර මෙම පාඪමාලාවේ අන්තර්ගතයි.  URL:  https://www.coursera.org/learn/the-science-of-well-being 1. ඔබ සිතන්නේ කුමක් ලැබීමෙන් ඔබට සතුට ලැබෙන්නේ කුමක් ලැබීමෙන් කියා ද? ඔබට සතුටු වීමට හැකි හේතුව ඔබ සොයනා හිමිකාරිය, සැබෑ ආදරවන්තිය ලැබීම ද? ඔබ විභාග ඉහලින් සමත් වී ඉංජිනේරුවෙකු, දොස්තර කෙනෙකු, කථිකාචාර්ය වරයෙකු, ගණකාධිකාරිවරයෙකු, ව්‍යාපාර අයිතිකරුවෙකු, නීතිඥයෙකු, ගුරුවරයෙකු, … ආදී ඔබේ සිහින වෘත්තිය ලබා ගැනීම...